හෙලිකොප්ටරයක් උඩින් යන්නේ මෙහෙමයි

හෙලිකොප්ටරයක් උඩින් යන්නේ මෙහෙමයි

හෙලිකොප්ටරයක් අහසින් යනවා පොළොවේ සිට ඔබත් නිරීක්ෂණය කර ඇතුවාට කිසිදු සැකයක් නැහැ. මෙහි දී නා නා විධ හෙලිකොප්ටර ඔබ නිරීක්ෂණය කර තිබෙන්නට පුළුවන්. සමහරවිට තල දෙකක් තිබෙන හෙලිකොප්ටර ද තල හතරක් ඇති හෙලිකොප්ටර ද වනවා. මේ සියලූ වර්ගවල හෙලිකොප්ටරවලට ඇත්තේ එකම මූලික භෞතික විද්‍යාත්මක පියාසර න්‍යායක්ග වෙනස්වන්නේ එතනින් එහාට වන පාලන ක‍්‍රමවේදයි…. හොදයි එහෙම නම් අපි බලමු පියාසර යන්ත‍්‍රයක ඇතිවන මූලික සහ ප‍්‍රධානතම බල පිහිටුම් මොනවා ද කියල

ඉදිරිපසට ඇතිවන තෙරපුම් බලයත් Thurst පසුපස දිශාවට ඇතිවන ඇදුම් බලයත් Thurst Dragඉහළ දිශාවට ඇතිවන එසවුම් බලයත් Drag පහළ දිශාවට ඇතිවන බරත් weight මූලිකම පියාසර යන්ත‍්‍රයක් කෙරෙහි බලපානවා ,පියාසර යන්ත‍්‍රයක ඇතිවන ප‍්‍රධානතම බල පිහිටුම්

ඉහළ දිශාවට වන එසවුම් බලය
යම් වස්තුවක් සුළං හෝ වෙනත් තරලයක් තුළින් ගමන් කිරීමේ දී වස්තුව මගින් තරලයේ දිශාව වෙනස් කිරීමේ දී තමයි එසවුම් බලය ඇතිවන්නේග එසවුම් බලය හෙලිකොප්ටරයකට ක‍්‍රම දෙකකට ක‍්‍රියාත්මක වෙනවා. එකක් තමයි පියාසර තටුවල ලබා දී තිබෙන හැඩයෙන් ඔස්සේ එසවුම් බලය ළඟා කරවීම. මෙහි හරස්කඩ දෙස බැලීමේ දී අපට පෙනී යනවා පියාසර තටුවේ ඉහළ හැඩය නිසාල සුළං අංශුවක් වේගයෙන් ඉදිරියේ සිට පියාසර තටුවට ඉහළින් පිටුපස දිශාවට ගමන් කරවන්නට සමත් වන බවත්, නමුත් තටුවේ යට කොටසින් ගමන් කරන සුළං අංශුවක් ඊට සාපේක්ෂව අඩු වේගයෙන් ගමන්කර තටුව අගදී එකම මොහොතේ අංශු දෙකම හමුවන බවත්. මේ හේතුව නිසා තටුව ඉහළින් සුළං ධාරාවල වේගය වැඩි නිසා තටුවේ ඉහළ අඩු පීඩන කලාපයක් ඇතිවන අතර ඉන් පහළ කොටසේ වැඩි පීඩන කලාපයකුයි ඇතිවන්නේ. මේ පීඩන වෙනස තමයි ඉහළට එසවුම් බලයක් ඇතිකර ඉහළට යානය ගෙනියන්නේ. මෙය භෞතික විද්‍යාවේ බර්නූලි මූලධර්මයෙන් මනාව විස්තර වන්නක් වන අතර ගණිතයෙන් ඔප්පු කිරීමටද පුළුවනි.

පියාසර තටුවල හරස්කඩ හැඩයන් නිසා ඉහළ හා පහළ ඇතිවන වෙනස් පීඩන තත්ත්වයන්මෙම එසවුම් බලයට තවත් කරුණු බලපානවා. ඒවා නම් සුළංවල වේගයල සුළංවල ඝනත්වය, පියාසර තටුවේ වර්ගඵලය සහ තිරසට සමාන්තරව තටුවේ පිහිටුමෙන් සාදන කෝණය angle of attract – AOA යන කරුණු ඉන් ප‍්‍රධානයි. හෙලිකෝප්ටරයකට ඇත්තේ ඉහත කී හැඩතලයෙන් යුත් කැරකෙන තල කීපයකිග එසවුම් බලය සෑමවිටම සම්ප‍්‍රයුක්ත සාපේක්ෂ සුළං ප‍්‍රවාහයට ලම්බකව ඇතිවනවා

පෙර මා විස්තර කළ AOA කෝණයල බින්දුවට සමානවූ විට එසවුම් බලයක් ක‍්‍රියා කරන්නේ නැහැ. වෙනත් ලෙසකින් කිවොත් තල පොළොවට සමාන්තරව කැරකැවෙන විට යානය ඉහළට යෑමක් සිදු නොවන අතර AOA කෝණය ඍණ අගයක් ගන්නාවිට එනම් කුඩයක හැඩයෙන් තල පහළට නැවී කැරකෙන විට ඍණ එසවුම් බලයකුයි ඇතිවන්නේ. එනම් පහළට බලය ක‍්‍රියාකරයි. ප‍්‍රයෝගිකව පොළොවට සමාන්තර වන්නට තටුපිහිටන විටද ඍණ දෙසට එසවුම් බලය ළඟා වෙමිනුයි පවතින්නේ. කෙසේ වෙතත් හෙලිකොප්ටරය හැරවීමේ දී ක‍්‍රියා කරන එසවුම් බලය සංකීර්ණ එකක්. මීට අමතරව හෙලිකොප්ටරයට අතිරේක එසවුම් බලයක් ක‍්‍රියා කරනවා. එනම් රොටර තල කැරකෙන විටදී සුළං ධාරා පහළට උත්ක‍්‍රමණය වීම නිසා නිව්ටන්ගේ තුන්වන න්‍යායට අනුකුලව සිදුවන ක‍්‍රියාවට සමාන හා ප‍්‍රතිවිරුද්ධව එසවුම් බලයක් ඇතිවනවා.

පහළ දිශාවට ඇතිවන බර
මෙහිදී බර යනු මූලිකව හෙලිකොප්ටරයේ බරත් ගමන් කරන්නන් හා රැුගෙන යන බරත් සහ ඉන්ධනවල බරත් වනවාග බොහෝ විට මෙය උපරිම නියත බරක් වනවාග ඊට අමතරව තවත් ‘G’’ කියන බරක් රොටර තලය නිසා පහළට බලපවත්වනවාග සාමන්‍යයෙන් ප‍්‍රධාන තලය පොළොවට සමාන්තරව උඩු ගුවනේ නියත උසකින් කැරකෙනවිට මුළු හෙලිකොප්ටරයම ආනතව යම් කෝණයකින් එක පැත්තකට ඇලකලවිට :මෙයට bank කරනවා කියලයි කියන්නේෆ G- කියන බලය වැඩිවනවාග G- බලය යනු රෝටරය මත ඇතිවන බලය හෙලිකොප්ටරයේ බරෙන්් බෙ¥ විට ලැබෙන අගයයිග නිව්ටන් ගේ පළමුවැනි න්‍යායට අනුව යමින් එසවුම් බලය වැඩිවිය යුතුයිග පහළට ක‍්‍රියා කරන වීජීය බලයට නොහොත් බරට වඩා යානය ඉහළට එසවීමට නම් ප‍්‍රතිවිරුද්ධව සමාන බල ක‍්‍රියාකරයි නම් යානාව නිශ්චලව තියේවිග කෙසේ වෙතත් නියමුවකු ඨ බලය අඩුකරගන්නා ක‍්‍රමවේද පිළිබඳ දැඩිව සැලකිලිමත් විය යුතුයිග

ඉදිරි දිශාවට වන තෙරපුම් බලය
ඉදිරියට ඇදී යන තෙරපුම් බලය ඇතිකිරීමට ප‍්‍රධාන රෝටරයත් වලිග රෝටරයත් ඒකාබද්ධව දායකවනවාග ඉස්සරහටත් පිටුපසටත් පැත්තට වගේම තිරස්වත් තෙරපුම්බලය ඇතිකරන්නට මෙම චලන රොටරවලට පුළුවන්ග ප‍්‍රධාන රෝටරයට අදාළව සොලිඩිටි අනුපාතයක් කියලා අගයක් තියනවා සෑම හෙලිකොප්ටරයකටම. සොලිඩිටි අනුපාතය සොයන්නේ ප‍්‍රධාන රොටර තලවල මුළු වර්ගඵලයට රොටර ඩිස්ක් එකට ඇති වර්ගඵලයට දක්වන අනුපාතයනුයි. නියමුවාට මෙය එතරම් අදාළත්වයක් ප‍්‍රායෝගිකව නැතිවුණත් බොහෝ අනතුරුවලට බලපාන්නේ හෙලිකොප්ටරයට දැරීමට හැකි උපරිම තෙරපුම් බලය අභිභවා පැදවීමට යාමෙනිග එනම් වැඩි බරක් ඇතිවන පරිද්දෙනුත් කැලම්බිලි සහිත සුළං තත්වවලදීත්ය. පසුපස වලිග රොටර තල ක‍්‍රියාකරන්නේ නියමු ආසනයේ පහළින් දෙපසට පෑගීමට තිබෙන පැඩලවලින් වන අතර හැරවුම බඳ කරකවා එක් පසෙකට ගුවනේදී හැරවීමෆ පාලනය කිරීමයි තවත් විටක දී එමගින් සිදු වන්නේග කෙස් වෙතත් වලිග රෝටරයේ ප‍්‍රධානතම කාර්යය සැවොම දන්නා පරිදි ප‍්‍රධාන රෝටරය කැරකෙන විට නිව්ටන්ගේ තුන්වන න්‍යායට අනුව යමින් ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසට හෙලිකොප්ටරයේ බඳ කැරකෙන එක වැළැක්වීම බව සිහිපත් කිරීමට කැමැත්තෙමි

පසුපස දිශාවටවන ඇදුම් බලය
ඉදිරියට ඇදී යෑමේ දී ඊට විරුද්ධව ඇතිවන ප‍්‍රතිරෝධී බලය තමයි මේ ඇදුම් බලය කියන්නේ. ඇන්ජිමෙන් තමයි මේ බලයට එරෙහිව බලයක් ඇතිකරවන්නේග ප්‍රෝෆයිල්ල ඉන්ඩියුස්ඞ් සහ පැරසයිට් කියන ඇදුම් බල ත‍්‍රිත්වයේ එකතුවෙනුයි එහත කී ඇදුම් බලය සමන්විත වන්නේ. ප්‍රෝෆයිල් නම් වූ ඇදුම් බලය ඇතිවන්නේ කැරකෙන බ්ලේඞ්වල සුළං වැදීමේදී ඇතිවන ඇදුම් බලයත් බ්ලේඞ් නිර්මාණය වී තිබෙන ද්‍රව්‍යයේ රළු ස්වභාවයත් හේතුවෙන්ය. කැරකැවෙන බ්ලේඞ් බැලූ බැල්මට සුමුදුවට පෙනුණත් අන්වීක්ෂයකින් බලද්දී එසේ නොවන බව පෙනෙන්නට තිබෙනවා කෝණය නිසා ප්‍රෝෆයිල් නම් වූ ඇදුම් බලයට බලපෑමක් නම් නැහැ. ඉන්ඩියුස්ඞ් නම් වූ ඇදුම් බලය ඇතිවන්නේ ප‍්‍රධාන රෝටරය කැරකෙන විටදී එසවුම් බලය ක‍්‍රියාකරනවාත් එක්කමයි. තලවල අග‍්‍රය ආශ‍්‍රිතව පීඩන වෙනස නිසා ඇතිවන දගර හැඩැති සුළං රැලි තමයි මීට දායක වන්නේ කෝණය වැඩිවනවාත් සමගම ඉන්ඩියුස්ඞ් නම් වූ ඇදුම් බලයද වැඩිවනවා. සෑම විටම ඉදිරියට ගමන්කරන හෙලිකොප්ටර යානාවකට බලපවත්වන්නේ පැරසයිට් නම් වූ ඇදුම් බලයයිග සුළං වේගය වැඩිවන විට ඇදුම් බලයද වැඩිවන බව සුළං වේගය ඇදුම් බලයේ වර්ගයට සමාන වීමෙන් පෙන්වා දෙන කරුණක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*