වාහනයට ආදරය කරන්නෙකුට නැතිවම බැරි BG 44k

පසුගිය දශක දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු හා අළුත්වැඩියා ක්ෂේත්‍රයේ තරඟකාරී නිෂ්පාදන සන්නාම අතුරින් ඉහළ ගුණත්වයකින් හා ප්‍රමිතියකින් යුත් ප්‍රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයක් ලෙසින් BG නාමය පාරිභෝගික විශ්වාසය තහවුරු කොටගෙන ඇත. සුප්‍රකට ඇමරිකානු සමාගමක් වන BG Products Inc ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ලබන Lexus Trading Company (Pvt) Ltd ආයතනය  BG සන්නාම හිමිකරු වශයෙන් ශ්‍රී ලංකාවේදී කටයුතු කරනු ලබයි.

 

වර්තමාන වෙළදපොළේ බොහෝමයක් නිෂ්පාදන හුදෙක් ලේබල් සන්නාමකරණයකට පමණක් යටත්ව ඇති අවධියක BG නිෂ්පාදන සියල්ලක්ම ඇමරිකාවෙ පිහිටි BG නිෂ්පාදනාගාර තුළම අධිතාක්ෂණික පහසුකම් සහිතව විශේෂඥ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇසිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිසා, උසස් තත්වයෙන් යුතුව ඇමරිකානු වෙලඳපොළට නිකුත් වන BG නිෂ්පාදනය එලෙසින්ම ශ්‍රී ලංකා වෙළඳපොළෙන්ද ලබාගැනීමට හැකිවීම BG  පාරිභෝගිකයන්ට ලැබෙන විශේශ වරප්‍රසාදයක් ලෙස සඳහන් කල හැකිය.

 

රථවාහන සේවා නඩත්තුකරණයේ ඉතා වැදගත් නඩත්තු අංශයක් ලෙස සලකනු ලබන නිවාරණ නඩත්තු අයිතමයක් (Preventive Maintenance) වන BG 44K නිෂ්පාදිතය පිලිබඳවත් කාර්මසූත්‍ර පාඨකයන්ව දැනුවත් කිරීමේ අරමුණෙන් Lexus Trading Company (Pvt) Ltd හි කලමනාකර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන රුවන් ජයතිලක මහතා ඔවුන්ගේ BG 44K නිෂ්පාදනය පිලිබඳ කර්මසුත්‍ර පුවත්පත සමඟ සුහද පිළිසඳරක යෙදුනේ මෙලෙසිනි.

 

මොකද්ද මේ BG 44K කියන්නේ? 

 

BG 44K කියන්නෙ සරලවම කිවහොත් ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ද්‍රාවක සහ ආකලන සහිත ඉන්ධන පද්ධති පිරිසිදු කාරකයක් (Fuel Injector Or System Cleaner) ලෙස හදුන්වාදිය හැකිය. ඉහළ රසායනික සංයෝජනයකින් යුක්ත වන  BG 44K  සම්පූර්ණයෙන්ම ඇල්කොහොල් රහිතය. එන්ජිම මලීන වීමේ හැකියාවක් කිසිසේමත් නොමැති මෙම නිෂ්පාදනය ඉතා පහසුවෙන්ම එන්ජිමේ තැන්පත්වී ඇති හානිකර අපද්‍රව්‍ය  සක්‍රීය ලෙස බැහැර කරනවා. මෙම අසමසම අමුද්‍රව්‍ය සංයෝජනයට හානිකාරක කාබන් තැන්පතු, එතනෝල්, ඉන්ධන පද්ධතියේ පවතින ජල වාෂ්ප ඉවත් කිරීමේ හැකියාව ඇති අතර එන්ජිමේ ජවය වැඩිකර අහිතකර වායු විමෝචනය ද පාලනය කරනු ලබයි.

 

BG 44K ක්‍රියාකාරිත්වය මගින් වාහනයට සැලසෙන වාසි මොනවාද?

 

සෑම කිලෝමීටර් 5000කට වරක්ම ඔබ  ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවා  BG 44K   භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම එහි කාර්යක්ෂමතාවය ඉහළයාමක් ඔබට අත්විඳීමට ලැබෙනු නිසැකය. එසේම BG 44K වල පහත  සඳහන් වාසිදායක තතවයන්ද පවතී.

  • ඉන්ධන පරිභෝජනය අවම කරයි
  • වාහනයේ බලය සහ ජවය ඉහළ නංවයි
  • මුළු ඉන්ධන පද්ධතියම ඉතා හොඳින් පිරිසිදු කරවයි
  • ඔක්ටේන් අගය ඉහළ නංවයි
  • මලීන වීම පාලනය කරයි

BG 44K ක්‍රියා කරන්නේ කොහොමද?

 

සාමන්‍යයෙන් ඉන්ධන වලින් ලබා ගන්නා ජවය ඉහළ නංවාගැනීම සඳහා එහි ඔක්ටේන් අගය වර්ධනය කිරීමේ සාධකයක් ලෙස එතනෝල් ක්‍රියාකරනු ලබයි. කාලාන්තරයක් තිස්සේ මෙම අමුද්‍රව්‍ය ඔක්සිකරණය හා ද්‍රාවකරණය වීමේ අතුරු ඵලයක් ලෙසට පූර්ණ වශයෙන් දහනය කළ නොහැකි අමුද්‍රව්‍යක් හට ගන්නවා. එසේම ඉන්ධන ටැංකියේ ඇති තෙතමනය සහ ජල වාෂ්ප, එහි ඇතුලත ඇති මලීන වූ ලෝහ හා රබර් කොටස් හේතුවෙන් ඉන්ධන පද්ධතිය තුළ සමුච්ඡිත ඇති වනවා. මෙම තැන්පතු ඉන්ධන පද්ඩතියේ පූර්ණ ක්‍රියාකාරිත්වයම අඩපණ කිරීමට හේතු වනවා. BG 44Kහි ඇති අසමසම රසායනික සංයෝජනයට මෙම තැන්පතු ඉතා සක්‍රීය ලෙස බැහැර කිරීමේ හැකියාව පවතිනවා.

 

එසේම ඉන්ධන දහන කුටීරය තුළ පූර්ණ දහනය සිදුනොවීම නිසා ඇති වන කාබන් තැන්පතු කුමන ආකාරයකින් හෝ ඉන්ධන කුටීරය ගලවා පිරිසිදු කිරීමට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. එම නිසාවෙන්ම  BG 44K ඉන්ධන හා මිශ්‍රව  දහන කුටීරයේ, ඉන්ජෙක්ටර් සහ වෑල්වයන්හි රැඳී ඇති අර්ධ දහනය වූ කාබන් තැන්පතු බැහැර කිරීමට  ඍජුවම දායක වනවා. එසේම Catalytic කන්වර්ටරය සහ ඔක්සිජන් සංවේදකයද (Oxygen Sensor) පිරිසිදු කිරීමට  BG 44Kහි විශේෂ හැකියාවක් පවතිනවා. නිරන්තරයෙන් ඉන්ධන සමඟ මිශ්‍රව ඔබගේ ඉන්ධන පද්ධතිය පුරා ගමන් කරමින්  සිදු කරනු ලබන මේ BG 44K සත්කාරය ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළ නංවනවා. එනිසාම අනවශ්‍ය එනිජින් දෝෂ හටගැනීම හෝ ඒවාට පිළියම් සිදුකර ගැනීමට වැයවන කාලය මෙන්ම මුදල්ද ඉතිරි කර දීමට මෙමම නිවාරණ නඩත්තු නිෂ්පාදනයට පූර්ණ හැකියාවක් ඇති බව අප ඉතා විශ්වාසයෙන් ඔබට තහවුරු කර සිටිනවා.

අචිනි රාමනායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*