Genuine අමතර කොටස් අඩුම මුදලට ගන්න හොඳම තැන BRIDZ LANKA

ඔබේ වාහනය හදිසියේ අනතුරකට පත්වුණොත්, එසේත් නැත්නම් ඉක්මන් අලුත්වැඩියාවක් සිදුකර ගන්නට වූ අවස්ථාවක එම වාහන අමතර කොටස් මිලදීගැනීමේදී ඔබ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්න ඇත්දැයි මදක් සිතා බලන්න. බොහෝවිට එහි නියම වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා හෝ ඔබට එය මිලදී ගන්නට සිදුවූ අවස්ථා ඕනෑතරම් ඇති. ඉක්මනින් නියම අමතර කොටස් මිලදීගැනීමට ඇති අපහසුතාවය සහ ඔබට එය ඉක්මනින් අවශ්‍ය බව දන්නා නිසා වැඩි මුදලකට එය අලෙවි කිරීමට වෙළෙඳුන් පෙලඹීම එයට හේතුවයි. එහෙත් අද අපි ඔබට කියන්නට යන්නේ ජපන් වාහන අමතර කොටස් ඇතුළු නියම වාහන අමතර කොටස් අඩු මුදලකට මිලදීගැනීමට හැකි ආයතනයක් පිළිබඳවයි. ඒ Bridz Lanka ආයතනයයි. මෙවර අපේ සාකච්ඡාවට අපිත් සමග එකතු වෙන්නේ එම ආයතනයේ අධිපති ඉරේෂ් සංජිව පීරිස් මහතාය.

Bridz Lanka ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරමුද?
Hybrid වාහනවල Genuine අමතර කොටස් මම ජපානයට ගිහින් එහෙන් තමයි ලංකාවට එවන්නේ. ලංකාවේ ප්‍රමුඛතම වාහන ඒජන්තවරු, ප්‍රමුඛතම ආයතන පවා එයාලගේ තොග අවසන් වූ පසු මගෙන් තමයි ඒවා මිලදී ගන්නේ. ඒකට හේතුව තමයි නියම ප්‍රමිතියේ උසස් අමතර කොටස් අප විසින් ගෙන්වීම. සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ. එයාලා ළඟ නැති අමතර කොටස් කෙළින්ම කාගෝ සේවය හරහා ගෙන්වන්න ගියොත් සතියක් දෙකක් යනවා. ඒ වගේම වියදමත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර යනවා. නමුත් කෙළින්ම අපෙන්ම ගෙන්වනවා නම් ඊට වඩා විශාල අඩු මුදලකට ඒ භාණ්ඩයම ගෙන්වා දෙන්න අපිට පුළුවන්. ඒ විදියට තොග වශයෙන් බෙදාහරිනවාට අමතරව මගේ ආයතනය මගින් කෙළින්ම සිල්ලර වශයෙනුත් අමතර කොටස් මිලදීගැනීමේ හැකියාව දැන් ඕනෑම පරිභෝගිකයෙකුට තියෙනවා. විශේෂත්වය වන්නේ නියම අමතර කොටස් ලංකාවේ අඩුම මුදලකට කෙටිම කාලයකින් මිලදීගැනීමේ හැකියාව තියෙන්නේ අපෙන් විතරයි. විශේෂයෙන්ම කියන්න ඕනි ඕනෑම වාහනයක අමතර කොටස් ගෙන්වා දෙන්න පුළුවන් අපිට.

ශ්‍රී ලංකාවේ වත්මන් රථවාහන අමතර කොටස් වෙළෙඳපොළේ තත්ත්වය පැහැදිලි කරමු?
ලංකාවේ ගොඩක් තැන්වල ජපන් වාහන අමතර කොටස් කියල විකුණන්නේ තායිවාන් ඒවා. ගොඩක් අය මේවයේ වෙනස හොයාගන්න දන්නෑ. ඒ ගැන ප්‍රමාණවත් දැනුමක් තියෙන කෙනෙකුට විතරයි ඒ වෙනස තේරුම්ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ටිකක් අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත් ්‍යදබා් ත්‍සඑ වාහනයේ ටේලයිට්, හෙඞ්ලයිට් එහෙම චුට්ටක් නිල් පාට ගතිය වැඩියි. නමුත් ජපන් එකේ තියෙන්නේ ඛසටයඑ ඊකමැ.

ඔබේ භාණ්ඩ Genuine ඒවා කියල පරිභෝගිකයා තහවුරු කරගන්නේ කොහොමද?
මම ඉන්නේ ජපානයේ. තව දවස් කිහිපයකින් ආයෙත් ජපන් යනවා. මගේ ජපානයේ දුරකථන අංකය මම දෙනවා ඔයාලට. මම ජපානයෙන් Genuine අමතර කොටස් ගෙන්වන්නේ. කාටහරි අවශ්‍ය නම් ජපානයේ ඉඳලම EMS හරහා අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා වෙතම එවන්න පුළුවන්. ඒ සඳහා වැයවන මුදල පරිභෝගිකයා ගෙවිය යුතුයි. ඒ බාකෝඞ් එකෙන් තහවුරු කරගන්න පුළුවන් ඕනිම කෙනෙකුට ඒ බව.

ඔබ ආයතනයෙන් ඇණවුම් කරන භාණ්ඩයක් පරිභෝගිකයා අතට පත්වීමට කොතරම් කාලයක් ගතවෙනවද?
ඇණවුම් කරන ලද භාණ්ඩය ජපානයේ Dialer ළඟ තියෙනවා නම් දින දෙකෙන් අපට ලැබෙනවා. ඊට අමතරව EMS එකෙන් එවන්න යන කාලය පමණයි ඒ සඳහා ගතවෙන්නේ. සඳුදාට හා සිකුරාදාට Flight දෙකක් තියෙනවා දැනට. සිකුරාදා Flight එකට ජපානයේ වේලාවෙන් සවස 7.00ට පෙර දැම්මොත් සෙනසුරාදා දවල් වෙද්දී ගන්න පුළුවන්. සෙනසුරාදා ලංකාවේ තැපැල් කාර්යාල වහලා නිසා සඳුදා උදේ තමයි ලැබෙන්නේ. එහෙන් සඳුදා උදේ Flight එකේ එව්වොත් බදාදා හවස ගන්න පුළුවන්.

කොළඹින් බැහැර පාරිභෝගිකයන් ඔබෙන් භාණ්ඩ ලබාගන්නවා නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ?
අපිට Advance එකක් දුන්නොත් බැංකුවකට හරි වෙනයම් ක්‍රමයකට හරි, කුරියර් සේවා මගින් අදාළ පරිභෝගිකයා වෙතටම භාණ්ඩය ලබාදෙන්න අපිට පුළුවන්. කොළඹ අවට නම් අපිට පුළුවන් ප්‍රවාහනය කරන්න.


සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*