සුපිරියටම වාහන හැඩ කරන Duminda Body Kit

සුපිරියටම වාහන හැඩ කරන Duminda Body Kit

මහන්සියෙන් හරි හම්බ කරලා වාහනයක් ගන්න එක අපි හැමෝටම තියෙන හීනයක්නේ. සමහරුන්ට මේක හීනයක් වෙද්දී ඒ හීනය බොහොම පහසුවෙන් සැබෑ කරගත්තු අයත් අපේ රටේ ඉන්නවා. මේ හැමෝම කැමතියිනේ තමන් මිලදීගත්තු වාහනේ ලස්සනට පිරිසිදුවට තියාගන්න ගමන් ටිකක් වෙනස් විදියකට නවීකරණය (Modification) කරලා අනිත් හැමෝටම වඩා වෙනස් වාහනයක හිමිකරුවෙක් වෙන්න නේද? ඉතින් ඒ සඳහා ඔබ යායුතුම තැනක් ගැනයි මේ අපි ඔබට කියන්නේ. ඒ තැන තමයි Duminda Body Kit ආයතනය. එම ආයතන අධිපති දුමින්ද අමරසිරි මහතා ඒ පිළිබඳව අපිත් එක්ක කෙටි සංවාදයක යෙදුනේ මෙලෙසය.

Duminda Body Kit ආයතනය පිළිබඳ කෙටියෙන් හඳුන්වාදෙමු.
මේ ආයතනයේ නිර්මාතෘ වෙන්නේ මගේ පියා වන එස්. ඒ. අමරසිරි මහතා. ඊට පස්සේ මම වාහන Modification කරන්න පටන් ගන්නවා ලියාපදිංචි නොකළ Brand new වාහනවලට. පිටරටවලදී විශාල වියදමක් දරලා කරන්න ඕනි Modification ඒ Quality එකෙන්ම අපි අඩු මුදලකට කරලා දෙනවා. යම්කිසි වාහනයකට එහි Manufacture විසින් Body Kit එකක් නිර්මාණය කරලා නැති අවස්ථාවන්වලදී පවා අපි ඒ වෙනුවෙන් Body Kit Design කරනවා. ඒක තමයි අපේ ආයතනයේ තියෙන විශේෂත්වය. ඒ වාගේම තමයි Body Kit සම්බන්ධව සෑම දෙයක්ම අප විසින් කරනවා. ඊට අමතරව Accident repairs, Insurance repairs යන ඒවත් අප විසින් සිදුකරනවා.

ඔබ මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
කාලයකට කලින් Fast and furious කියලා Film එකක් ආවනේ. ඒ film එකත් එක්ක තමයි ලංකාවේ මේ Trend එක හැදෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ අනිත් රටවල්වලත් ඒ Trend එක හැදෙන්නේ ඒකෙන් පස්සේ තමයි. ඉතින් මටත් ආසාවක් ආවා ඒ Film තියෙනවා වගේ කාර් ඒ විදියටම නිර්මාණය කරන්න. ඒකෙන් තමයි මම මේක පටන් ගත්තේ. මගේ කාරෙක මම මුලින්ම හදාගත්තා. ඊට පස්සේ මට වෙනම customer base එකක් නිර්මාණය වෙන්න පටන් ගත්තා.

ආයතනයේ අලුත්ම වැඩ කටයුතු ගැනත් සඳහන් කරමු?
දැනට අලුතෙන් එන ඕනිම වාහනයක, උදාහරණයකට ගත්තොත් CHR 2018, Land cruiser 2018, Montero 2018 වගේ ඔය ඕනෑම වර්ගයක වාහනයකටම අපි ගාව Body Kit නිර්මාණය වෙනවා.

මෙම Body Kit නිර්මාණය කරන්නේ කවුද සහ ඒ සඳහා යොදාගන්න තාක්ෂණය කුමක්ද?
Designing part එක සම්පුර්ණයෙන්ම කරන්නේ මම. මේ සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය ගැන සඳහන් කළොත් කාබන් කොර්ටඞ් පාවිච්චි කරනවා. සමහර වෙලාවට ඇලුමිනියම් සහ යකඩ පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ උවමනා තැන්වලට ඒ ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. අපේ තාක්ෂණය ගැන කතාකිරීමේදී එහි විශේෂත්වය තේරුම් ගන්න මේ උදාහරණය ප්‍රමාණවත් වේවි ඔබට. Montero රථවලට පිටරටින් එන Body Kit එකේ Body එකේ හිල් 148ක් විදලා තියෙනවා. හැබැයි අපි හයි කරනවා ඒකට Body kit එක එක හිලක්වත් විදින්නතුව. ඒකට හේතුව තමයි Factory එකෙන් body Kit එකක් එනකොට Body kit එකට උවමනා කරන හිල් ටික paint එකට කලින් එයාල විදිනවා. ඒක Paint bath එකේ දාද්දි ඒ ඔක්කොම paint වෙනවා. හැබැයි ලංකාවේදී වෙන්නේ අපි පිටින් හිල් විදිමකදී ඒක ඇතුළට අර විදීමේදී එකතු වෙන යකඩ කුඩු වැටෙන්න පටන් ගන්නවා. එතකොට දිරන්න පටන් ගන්නවා. මේක වෙන්නේ තාක්ෂණය නොදැන මේ දේවල් කරන්න යන නිසා.

ඇත්තටම වාහනයකට Body kit එකක් අවශ්‍ය ඇයි?
දැන් නම් ගොඩක් අය Body Kit එක පාවිච්චි කරන්නේ Appearance එහෙමත් නැත්නම් පෙනුම ගැන හිතලා. නමුත් දැන් ඇත්තටම Body kit එකෙන් වෙන්නේ Aerodynamic කියන එක. ඒ කියන්නේ වාහනය පොළොවට රඳවාගැනීමේ ශක්තිය. වාහනයක් පැයට කිලෝමීටර් 70ට වඩා වැඩි වේගයකින් යද්දී සාමාන්‍යයෙන් වාහනයක් Airborne වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඝර්ෂණය අඩුවෙනවා. ඊට අමතරව වාහනයක stability එක සම්පුර්ණයෙන්ම ලබාදෙන්නේ Body kit එකෙන්. අපි Modification කරද්දී මේ හැමදෙයක්ම බලන්න ඕනි. උදාහරණයක් විදියට Hybrid වාහනයක් ගත්තොත් ඒකේ Heating system එහෙම ඒ ඔක්කොම බලන්න ඕනි. ඒ වගේම තමයි වාහනය ගුරුත්වාකර්ශණයට ඔරොත්තු දෙන්නේ කොහොමද? ඒ හැමදේම බලලා තමයි මේ Body kit ජාපනය වගේ රටවල නිර්මාණය වෙන්නේ. ඒ තාක්ෂණයම තමයි අපේ රටේ අපි ක්‍රියාත්මක කරන්නෙත්.

මේ සඳහා පවතින ඉල්ලුම කොහොමද?
දැන් නම් හුඟක් ඉල්ලුම තියෙනවා. මොකද ලංකාවට ගොඩක් ගෙන්වන්නේ Basic වාහනනේ. ඒ නිසා දැන් ගොඩක් Brand new වාහනවලට සහ Unregistered වාහනවලට Modification කරනවා.

ඔබේ ආයතනයෙන් මේ සේවාව ලබාගන්න, පාරිභෝගිකයාට ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවාද?
අපි කරන Designවලට Life time warranty එකක් දෙනවා Accidentවලට හැරෙන්න. සාමාන්‍යයෙන් ලංකාවේ දෙයක් ගන්න මිනිස්සු මැලිවෙන්නේ යම් දෙයක් නිෂ්පාදනය කළාම එම වර්ණය කොච්චර කල් තියේද, කොච්චර කල් ඔරොත්තු දෙයිද, අව්වට අඩුවෙයිද, රැලි යයිද, පුපුරයිද වගේ ප්‍රශ්නනේ තියෙන්නේ. අපි මේ කරන System එකේ හැටියට එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. දැනට අපි අපේ වාහන මෝටර් රථ තරගවලට පාවිච්චි කරලා තමයි මේවයේ Testing ඔක්කොම කරන්නේ. මොකද ලංකාවේ එහෙම මොනවත් කරන්න පහසුකම් නැහැනේ.

සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*